නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට ක්‍රියාත්මකයි..
නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කරන බවත් එයට වැරදි 33ක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. මීට පෙර එම දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එයින් වැරදි 03ක් ඉවත් කර ඇති අතර නව දඩ පත්‍රිකාවට අනුව අවම දඩය රුපියල් 500 ක් දක්වා ඉහල දැමීමටද කටයුතු කර ඇත.