සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කර නෑ, නිවේදනය බොරුවක් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්

Podu Jana Peramunaමීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය. මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ බවට පැවසෙන අදාළ නිවේදනය කිසියම් පිරිසක් විසින් සකසන ලද කූඨ ලේඛනයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා තවදුරටත් අදාළ නිවේදනය මගින් අනාවරණය කර සිටියි.

මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද බවට පැවසෙන මෙම ව්‍යාජ නිවේදනය යම් පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ඊයේ (17) මුදා හැරීමට කටයුතු කර ඇති බවත් අදාළ නිවේදනයේ තවදුරටත් සදහන් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට