සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති හා දුම්රිය වෘත්තීය සංගම් අතර අද සාකච්ඡාවක්, 21 වනදා වනවිට විසදුම් නැත්තම් යළි වර්ජනයක්..?

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම සදහා අද (16) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වෘත්තීය සංගම් අනාවරණය කර සිටියි. දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමුනොවීම පිළිබදව දුම්රිය වෘත්තීය සංගම් යළිත් නොසන්සුන්තාවයට පත්ව ඇති අතර එම වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (15) විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

එහිදී ගත් තීරණයකට අනුව මෙම නියෝජිතයින් අද සවස 02.00 ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී සිය ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. කෙසේවෙතත් ලබන 21 වනදා වනවිට මෙම ගැටළු සදහා නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් යළි වර්ජනයක් කරා යොමුවීම සම්බන්ධයෙන්ද සිය සාකච්ඡාවේදී තීරණයකට එළඹි බවද දුම්රිය වෘත්තීය සංගම් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට