සත්‍යයේ පුවත් අඩහැරය….

නිසි අධ්‍යයනයකින් තොර සිංගප්පූරු ගිවිසුම නැවත සමාලෝචනය කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

Podu Jana Peramunaවිදෙස් රටවල් දෙකක් අතර යම් ගිවිසුම් සකස් කිරීමේදී විවිධ වෘත්තීන් සම්බන්ධයෙන් දැනුම සහිත පුද්ගලයින් ඊට සහභාගි වියයුතු වුවද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සකස් කිරීමේදී එවැන්නක් සිදුකර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කර සිටියි.ඒකාබද්ධ විපක්ෂ ආර්ථික පර්යේෂණ විද්වත් කමිටුව විසින් ඊයේ (28) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ මෙම තත්ත්වය මත අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කළයුතුව ඇති බවයි.

මෙරට තුළ යුද්ධය පැවති සමයේදී පවා එවක ආණ්ඩුව නිසි ආර්ථික දැක්මකින් යුතුව රට ඉදිරියට ගෙනගිය නමුත් වත්මන් ආණ්ඩුවට එවැනි නිසි ආර්ථික දැක්මක් නොමැති හෙයින් ඉදිරියේදී ජනතාවට තවතවත් පීඩාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම මගින් සිංගප්පූරුවේ ගැටළු සදහා විසදුම් ලැබෙනු ඇති විනා ශ්‍රී ලංකාවේ ගැටඵ සදහා කිසිදු විසදුමක් නොලැබෙන බවයි. වෙනත් රටක කසළ මෙරටට ගෙනඒම අයෝජනයක් ලෙස හැදින්විය හැකිදැයි මෙරට පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටින බවත් රටට අහිතකර මෙම තත්ත්වය මැඩපැවැත්වීම සදහා වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සේමසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

තමන් විසින් කරන ලද්දක් වශයෙන් වත්මන් ආණ්ඩුවට පෙන්වා දිය හැකි එකම දෙය සිංගප්පූරු කසළ ව්‍යපෘතිය පමණක් බවද සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා ද සහභාගි වී අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට