සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල් ඉවත්කළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව එ.ජා.ප යෙන් විරෝධතා රථ පෙළපාලියක්..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බව චෝදනා කරමින් ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසනි් ඊයේ (08) කොළඹදී දැවැන්ත රථ පෙළපාලියක් පවත්වන ලදී. පාර්ලිමේන්තුව වහා කැඳවා ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නැයි ආණ්ඩුවට බලකර රථ වාහන නලා නාද කර මෙම විරෝධතාවය පවත්වන ලද අතර මේ සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අකිල් විරාජ් කාරියවසම් සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි විය. ඊයේ දහවල් අරලියගහ මන්දිරය ඉදිරිපසින් ඇරඹි මෙම රථ පෙලපාලිය, නිදහස් චතුරස්‍ර වටරවුම තෙක් පැමිණි අතර මේ හේතුවෙන් කොළඹ නගරය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනු දක්නට ලැබිණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට