මුහුදු යන්න එපා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි..
අද (12) සහ හෙට (13) යන දින දෙක තුළ ධීවර කටයුතු සහ නාවික කටයුතු සදහා මුහුදු යාමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරසිටියි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය රළු වියහැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කරසිටියි. මේ වන විට ගිණිකොණ සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “ගජා” ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් ලෙස වර්ධනයවී ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශයට ගමන් කරමින් ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියිි.