සත්‍යයේ පුවත් අඩහැරය….

අනාගත දරු පරපුර ගැන සිතා ඉදිරි මැතිවරණ වලදී තීරණ වලට එළඹෙන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

Podu Jana Peramunaරට, ජාතිය හෝ ආගමට යහපතක් හෝ අයහපතක් සිදුවන්නේ දේශපාලනයේ හැසිරීම අනුව වන බැවින් අනාගතය භාරගන්නා දරුවන් පිලිබදව අවධානය යොමුකර ඉදිරි මැතිවරණ වලදී තීරණ වලට එළඹෙන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.යුතුකම සංවාද කවය විසින් ඊයේ (11) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් කරුණු දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමි පවසා සිටියේ මෙරට දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන කොතෙක් දුරට රටට හිතකරදැයි අවධානය යොමුකර ඉදිරි මැතිවරණ වලදී සහය දක්වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබදව තීරණය කරන බවයි. මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ජතිකයින් වෙනුවෙන් ඉල්ලීම ඉදිරිපත් කර ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ට එක්වීමට කටයුතු කරන නමුත් සිංහල ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැන්නක් සිදුනොකරන අතර ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් යුතුකම සංවාද කවයේ සාමාජික ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට “ලේ විලක්” බවට පත්ව ඇති බවට ලොවපුරා ප්‍රචාරය වෙමින් පවතින බවත් කථානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික සහ කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් විසින් කරන ලද ප්‍රකාශ ඊට හේතුව වී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා යුතුකම සංවාද කවයේ සාමාජික අචාර්ය ගුණදාස අමරසේකර සහ සභාපති ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට