හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ..
හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. බොරැල්ල, ටී 20 වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා 29 හැවිරිදි බෙස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.