හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයට සැකපිට හතරක් අත්අඩංගුවට..
පසුගිය නොවැම්බර් මස වෙඩිතබා, තියුණු අායුධයකින් පහරදී ඝාතනය කරන ලද හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාෙග් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අැති අතර අදාළ පිරිස අතර කාන්තාවක්ද සිටින බව වාර්තා වේ. සැකකරුවන් පිරිස අද (11) දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අැත.