සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමයේ පරමාදර්ශයක් – කථානායක කරු ජයසුරිය

Bombපාර්ලිමේන්තු ක්‍රමයේ පරිණත, පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුළ හිමිව තිබූ ගෞරවය එලෙසම පවතින බව කථානායක කරු ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. පසුගිය (28) වනදා ආණමඩුවේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් කරූ ජයසූරිය මහතා විසින් මෙම අදහස් පළකර ඇත. පසුගිය කාලය තුළ මෙරට දේශපාලන ව්‍යුහය තුළ ඇතිවූ සිදුවීම් හරහා මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ඇති කළද එම ගැටළුකාරී තත්ත්වයන් සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදීව විසදාගැනීමට හැකිවීම ශිෂ්ඨසම්පන්න රටත් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පවසා ඇත.

දේශපාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සහ දියුණු සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙරට පැමිණෙන සිවිල් සමාජ සංවිධාන රටට හිමි එම ගෞරවය ආරක්ෂා කරන ප්‍රධානතම බලවේගය වන බවද මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ නායකත්වයෙන් පෙරට පැමිණි සිවිල් සමාජ සංවිධාන පුළුල් සමාජ පෙරලියකට මඟපෙන්වීමට සමත්ව ඇති ජයසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට