සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප යේ ක්‍රියා හමුවේ ස්වාධීන කොමිෂන් සභා සංකල්පය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaස්වාධීන කොමිෂන් සභා යනු, යහපාලනය ක්‍රියාත්මක වන රටකට ඉතා හිතකර සහ වැදගත් සංකල්පයක් වුවද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීත්වය හමුවේ අද වන විට ස්වාධීන කොමිෂන් සභා සංකල්පය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැතිවරණ පැවැත්වීම අනවශ්‍ය බව පවසමින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අධිකරණය හමුවේ කරුණු දක්වන වටපිටාවක් තුළ නිසි කලට මැතිවරණ පවත්වන්නේ කෙසේදැයි විමසා සිටින බවත් ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් පත්කළද පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැටළුව සදහා නිසි විසදුමක් නොලැබුනු නමුත් පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත්කරීරමෙන් පසු එම ගැටළුව සදහා කඩිනම් විසදුම් ලැබුනු බවයි.

අධිකරණයේ ඉහළ නිලයන් පත්කිරීම ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන අතර ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරු සදහා නිර්දේශ කරනු ලබන නම් කිසිදු විරෝධතාවයක් නොමැති තත්ත්වයකදී පවා ප්‍රතික්ෂේප කරන ලද අවස්ථා දැකගත හැකි බවත් මේ අනුව ස්වාධීන කොමිෂන් සභා යනු යහපාලන ආණ්ඩුවට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යමින් සිටින බව පෙනීයන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට