කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු දැලේ..
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10.4 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් ඊයේ (17) අයියකච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවට තොරතුරු අනාවරණයවී තිබෙන වයස අවුරුදු 47 සහ 60 වන වියෙහි පසුවන මෙම සැකකරුවන් අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.