සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ ක්ෂේත්‍රය සදහා පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකරලා, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවෙන් විරෝධතාවයක්..

Podu Jana Peramunaඅධිකරණ ක්ෂේත්‍රය සදහා පමණක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකිරීමට කටයුතු කිරීම තුළින් රාජ්‍ය සේවය තුළ දැවැන්ත ගැටළු රැසක් මතුවන බවත් මෙම තත්ත්වයට එරෙහිව හෙට (04) පෙරවරු 10.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අනාවරණය කර සිටියි. ඊයේ (03) විද්වත් වෘත්තිකයින්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී උදයසිරි මහතා තවදුරටත් අනාවරණය කර සිටියේ රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සංගම් 16 ක සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගි වන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු මෙරට ඉතා සුවිශේෂී වාත්තීය සංගම් රැසක් සිය කමිටුව සමග අත්වැල් බැද සිටින බව ද උදයසිරි මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නවින් ද සොයිසා සහ රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සාමාජික රංජිත් මලින්ද යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට