සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් රැසකට වැසි, සූළි කුණාටුවක් ගැනත් අනාවැකි..

Podu Jana Peramunaබස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක අද (27) දිනය තුළදී වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් පළාත්වලට ද සවස් කාලයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මේ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, මෙරටට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද දහවල් කාලය වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කිලෝ මීටර් 800 පමණ දුරකින් ස්ථානගතව පවතීන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව ඉදිරි පැය 12 ක කාලය තුළ එම තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි. මේ අනුව නාවික හා ධීවර කටයුතු වල යෙදෙන පිරිස් මේ සම්බන්ධයෙන් අවධානනයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට