හෙරොයින් සමග පුද්ගලයෙකු මට්ටක්කුලියේදී පොලිස් දැලේ..
හෙරොයින් ග්‍රෑම් 504 ක් සමග 55 හැවිරිදි පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.