සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව වධහිංසාවට ලක්වීම රට තුළ බරපතල ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා – “රයිට් ටු ලයිෆ්” සංවිධානය

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති වධහිංසාවන්ට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇති ජූලි 26 වැනිදාට සමගාමීව, වධහිංසාවන්ට ලක්වූවන් සම්බන්ධයෙන් රට තුළ යම් මතයක් ගොඩනැගීමේ අරමුණින් ලබන ජූලි මස 20 වනදා තෙක් වන මසක කාලය තුළ විවිධ වැඩසටහන් රැසක් දියත් කරන බව “රයිට් ටු ලයිෆ්” සංවිධානය අවධාරණය කර සිටියි.පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී “රයිට් ටු ලයිෆ්” සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් අනාවරණය කර සිටියේ ඒ අනුව එම මසක කාලය තුළ මාධ්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ, සංවාද, ස්වාධීන කොමිෂන් සභා හමුවට ගොස් කරුණු දැක්වීම් ආදී කාර්යයන් රැසක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

සිය අදහස් දක්වමින් පිලිප් දිසානායක මහතා පහත පරිදි වැඩිදුරටත් කරුණු සදහන් කරන ලදී.

අද වන විට පුද්ගලයින් විවිධ වධහිංසාවන්ට ලක්වීම රටේ බරපතල ගැටළුවක් බවට පත්වෙලා. පොලිසිය තුළදී, පාසල් තුළදී හෝ රැකියා ස්ථානයේදී පවා යමෙකු ශාරීරිකව හෝ මානසිකව වධහිංසාවට ලක්විය හැකියි. මේ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිවුවත් එය ඔප්පු කිරීමේ ගැටඵවක් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි මේ වන විට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීම් මතුවෙලා. ඒ එම පනතේ ඇති දැඩි ගැටළුකාරී ස්වභාවය නිසා. රට තුළ මෑතකදී සිදුවූ ඇතැම් සිදුවීම් මුල්කරගනිමින් ICCPR, නොඑසේනම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත සම්බන්ධයෙන් ද රට තුළ යම් කාතාබහක් මතුව තිබෙනවා. පසුගිය ත්‍රස්ත ප්‍රහායෛන් පසු මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව යම් යම් වෛරීසහගත තත්ත්වයක් ඇතිවෙමින් පවතින අතර මේ තුළින් එම ප්‍රහාරය එල්ලකරන ලද ගෝලීය ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම් වල අරමුණ ඉෂ්ඨවීම පමණයි සිදුවන්නේ. ඒ වගේම මෙරට දේශපාලකයින් ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය තම දේශපාලන වුවමනාවන් සදහා යොදාගනිමින් සිටිනවා. මෙය බරපතල තත්ත්වයක්.


මෙම අවස්ථාව සදහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සාමාජික ආචාර්ය පාක්‍යෙසා්ති සරවණමුත්තු, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකයින් වන නීතිඥ දුලාන් දසනායක සහනීතිඥ ප්‍රබෝධ රත්නායක, ජතික සාම මණ්ඩලයේ අධ්‍යඣෂ ජෙහාන් පෙරේරා මෙන්ම දාබිදු සාමුහිකයේ සාමාජික චමිලා තුෂාරි මහත්මිය ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට