සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු පොලිස්පතිගේ පෙත්සම සලකා බලන්න දින දෙයි ..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කරන ලදී. මෙම පෙත්සම අද (24) ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විසින්  විරෝධය දක්වමින්  අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. එම දිවුරුම් පෙත්සම් වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා සිටින ලදී. එමෙන්ම අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලට ද මෙතෙක් ඇතුළත් වී නොමැති බව මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පෙන්වා දෙන ලදී. ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 31 දා සිදු කරන බව නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරුවරු එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශවය නීතිඥවරුන්ට දන්වා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට