ආණ්ඩුවට එරෙහිව ජ.වි.පය ගෙනා විශ්වාසභංග යෝජනාව අද විවාදයට..
ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව අද (10) විවාදයට ගැනීමට නියමිතව ඇත. අද පෙරවරු 10.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වන අතර අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි.