සත්‍යයේ පුවත් අඩහැරය….

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ අනතුරක්, තුනක් මරුට..

Podu Jana Peramunaඅනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ අද (29) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබාඇති බව වාර්තා වේ. එම මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වු සුභෝපබෝගී බස්රථයක් සහ දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇත. තුවාල ලැබූවන් අතර කාන්තාවක්, පිරිමි පුද්ගලයෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම රිය අනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට