සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරයෙන් බිඳීගිය ජනතා සිත් එක්කිරීමට ආගමික නායකයන් නායකත්වය ගෙන කටයුතු කරන්නා සේම දේශපාලඥයින් ද ඒ සදහා කැපවිය යුතුයි – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaපසුගිය පාස්කු ප්‍රහාරයෙන් බිඳීගිය ජනතා සිත් එක්කිරීමට ආගමික නායකයන් නායකත්වය ගෙන කටයුතු කළයුතුව ඇති බවත් දේශපාලඥයින් ද සිය පුද්ගලික දේශපාලන අරමුණු පසෙකලා ඒ සදහා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකරන ලද අතර එම සමුළුව ඊයේ (30) සවස කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පහත පරිදි තවදුරටත් කරුණු දක්වන ලදී.

පාස්කු ප්‍රහාරය නිසා අහිමි වූ ජීවිත යළි ලබාදෙන්න හැකියාවක් නෑ. එනමුත් අන්තවාදය පරාජය කර රටේ අනාගතය වෙනුවෙන් සාමයත් සමඟියත් සහජීවනයත් තහවුරු කරන්න සමස්ත ජනතාවම එක්විය යුතුව තිබෙනවා. මේ වන විට ආණ්ඩුව ජනතාව අතර ඇතිවී තිබෙන බිය, සැකය, වෛරය මෙන්ම අවිශ්වාසය යනාදී තත්ත්වයන් තුරන්කිරීමට සෑම පියවරක්ම ගෙන තිබෙනවා. ත්‍රස්තවාදයට යළි රටේ ඉඩක් නෑ. ත්‍රස්තවාදය විනාශ කිරීමට හැකි සෑම බලයක්ම රජයක් ලෙස අපි යොදනවා. මේ සියළු කරුණු වෙනුවෙන් ආගමික නායකයන්ගේ මඟපෙන්වීම අනුව සියළු දේශපාලන පක්ෂ එක් මතයකට පැමිණ කටයුතු කළයුතුයි.

මෙම සමුළුව සදහා ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු සර්ව ආගමික නායකයින්, විදෙස් ආරාධිතයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට