නවසීලන්තය කඩුළු 05 ට 203 යි..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන ඊයේ (14) දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 203 ක් රැස්කර ගෙන සිටියේය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේදී තරගය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවිය. රොස් ටේලර් නොදැවී ලකුණු 86 ක් රැස් කර ගනිමින් කඩුල්ලේ රැදී සිටින අතර ඊයේ දිනයේදී දැවී ගිය කඩුළු 05 ම අකිල ධනංජය විසින් සමත් වුණා. අද (15) තරගයේ දෙවන දිනයයි.