සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණ ප්‍රජාවගේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් “නෙළුම් ප්‍රකාශනය” ගෝඨාභය මහතාට භාරදෙනවා – ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ

Podu Jana Peramunaමෙරට තරුණ ප්‍රජාවගේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් ප්‍රකාශනයක් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අනාවරණය කර සිටියි. ලබන 24 වනදා, කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇති සිය පෙරමුණේ ජාතික සම්මේලනයේදී මෙම ප්‍රකාශනය ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් දිස්ත්‍රික් පුරා තරුණ බලමණ්ඩල පිහිටුවීමේදී මෙරට සංවර්ධන ක්‍රියාවලිය පිළිබද තරුණ තරුණියන් ගෙන් ලබාගන්නා ලද අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් මෙම ප්‍රකාශය සකස් කර ඇති බවත් එය “නෙළුම් ප්‍රකාශනය” නමින් නම් කර ඇති අතර ලබන 24 වනදා එය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට