සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය පුද්ගලික රෝහල්වල කොන්ත්‍රාත්තුවක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) දිනය තුළදී දියත් කිරීමට නියමිතව ඇති වැඩ වර්ජනයෙන් දැඩි පීඩාවකට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් බවත් මෙම වර්ජනය, පුද්ගලික රෝහල්වල කොන්ත්‍රාත්තුවක් ලෙස හැදින්විය හැකි බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති අතර එහි පහත පරිදි වැඩිදුරටත් කරුණු සදහන් කර ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්දින වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඉන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ මෙරට සමස්ත රෝගීන් බව පිළිගත යුත්තකි. මුදල් ඇති පුද්ගලයින් හට ප්‍රතිකාර ලබාගැනීම සදහා පුද්ගලික රෝහල් කරා යාමට හැකිවුවද මෙරට බහුතරයක් රෝගීන්ට එසේ පුද්ගලික රෝහල් වෙත යාමේ හැකියාවක් නොමැත.
මහජන මුදලින් වෛද්‍ය අධ්‍යාපනය ලබ‌ා වෛද්‍යවරුන් බවට පත්ව මෙරට රෝගී ජනතාව පීඩාවට පත්කිරීම කිසිවකු අනුමත නොකරන අතර ඇතැම් රෝගීන් මාස ගණනකට පසුව රෝහල් වල සායන කරා පැමිණෙන බැවින් අද දින සායන නොපවත්වීමෙන් එම රෝගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙනු ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බහුතරයක් පුද්ගලික රෝහල්වල සේවය කරන අතර එම පුද්ගලික රෝහල්වල ආදායම ඉහළ දමාගැනීමේ අරමුණින් මේ ආකාරයට වර්ජන දියත් කරන බව මනාව පැහැදිලි වන්නකි. මෙම වර්ජනය හේතුවෙන් යම් රෝගියෙකු මිය ගියහොත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට එරෙහිව අධිකරණය වෙත යෑමට පසුබට නොවන බවද අවධාරණය කර සිටිමු. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් අදාළ වර්ජනය අත්හිටුවන්නැයි එම සංගමයෙන් ඉල්ලීමක් ද කරන්නෙමු.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට