සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 120 ක මුදලක් වංචාකිරීම, අමාත්‍ය සජිත්ට චෝදනා එල්ලකිරීම හෙළාදකිනවා – පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමි

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 120 ක මුදලක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පළව ඇති බවත් භික්ෂූන් වහන්සේලා ලෙස ඒ පිළිබද දැඩිලෙස කණගාටු වන බවත් දැරණියගල සාමවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමියන් අවධාරණය කර සිටියි.ඊයේ (28) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමියන් මෙම අදහස් පළකරන ලද අතර උන්වහන්සේ මෙහිදී තවදුරටත් පවසා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙරට බෞද්ධ මෙන්ම අන්‍යාගමික සිද්ධස්ථාන නගාසිටුවීමට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පෙර කටයුතු කළ නායකයින් යම් ආගමික සිද්ධස්ථානයකට යම් සේවවාක් සිදුකළේ නම් ඒ පිලිබද හෙළිකරන ලෙස ඉල්ලා සිටින බව ද පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

බෞද්ධ මෙන්ම අන්‍යාගමික සිද්ධස්ථාන වෙනුවෙන් සිදුකරන ලද සේවාව හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු අන්‍යාගමික නායකයින් සජිත් ප්‍රේමදාස මහතා වටා ඒකරාශීවී සිටීම හේතුවෙන් ඒ මහතාට මෙවැනි අසත්‍ය චෝදනා එල්ලකිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින බව ද විදුරකිත්ති හිමියන් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රත්මලාන භාරත විහාරයේ විහාරාධිපති පූජ්‍ය මොරවක සංඝරත්න සහ සමස්ත ලංකා ත්‍රෛයිනිකායික එක්සත් සග පෙරමුණේ ලේකම් පූජ්‍ය මතුරට ධම්මරතන යන හිමිවරුන්ද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට