සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් පක්ෂයක් තුළ දියවී යාම හෝ නැතිවී යාමට ඉඩ තබන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් පක්ෂයක් තුළ දියවී යාම හෝ නැතිවී යාමට ඉඩ නොතබන බවත් පක්ෂය ශක්තිමත් කිරීම සදහා මේ වන විට වැඩපිළිවෙලක් දියත් කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.ඊයේ (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පහත පරිදි අදහස් පළකළේය.

අපේ පක්ෂයේ ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට චෝදනා එල්ලවන්නේ නෑ අනෙක් පක්ෂ වල නියෝජිතයින්ට වගේ. අපි ඔවුන්ට නාම යෝජනා දෙනකොට සුදුසු පුද්ගලයින්ට ලබාදීම නිසයි එසේ චෝදනා එල්ලනොවන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යළිත් සාකච්ඡා ආරම්භ කළා.

එහිදී අප කළ යෝජනා රැසකට එම පෙරමුණ එකග වුනා. පුද්ගලයෙකු දිනවීමට වඩා රට දිනවන වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීමයි අපේ අරමුණ. රටේ නිෂ්පාදන, දේශීය ආර්ථිකය මෙන්ම ගොවියා, කම්කරුවා නංවන වැඩපිළි‍වෙළක් අවශ්‍යයි. ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා සිදුවිය යුතු බවට අප යෝජනා කළා. එයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකග වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කරන මුදල් කප්පාදු කරලා එම මුදල් සිය දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යෙදවීමට කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට