එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනියි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩිලාන් පෙරේරා සහ එස්. බී. දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා අද (29) දහවල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ එම පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.