සත්‍යයේ පුවත් අඩහැරය….

සහය කාටද? අවසන් තීරණයක් ගන්න ශ්‍රී.ල.නි.ප යේ මධ්‍යම කාරක සභාව 05 වනදා යළි රැස්වෙයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යළි ලබන 05 වැනිදා රාති‍්‍රයේ රැස්වීමට නියමිතව ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (30) රාත්‍රී කාලයේ රැස්වූ අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීම පිළිබදව අවසන් තීරණයකට එළඹීමට නොහැකිවීම නිසා මෙසේ ලබන 05 වනදා යළි රැස්වීමට තීරණය කර තිබේ.

ගැටළුවක් බවට පත්ව තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීම නොව යම් හෙයකින් ඔහු පොහොට්ටුව ලකුණින් තරග කිරීම බව මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී බහුතරයක් අවධාරණය කර ඇත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් එහිදී යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. අදාළ කෙටුම්පත අද දිනයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට යොමු කිරීමට ද ඊයේ තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට