රාගමදී සිදුකළ වෙඩිතැබීමකින් අයෙකු මරුට..
රාගම ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කෙසේ වෙතත මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අද (02) අළුයම් කාලයේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.