නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු දැලේ..
නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද (17) අළුයම් කාලයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ ඇති මෙම ගුවන් මගියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇති 26 හැවිරිදි කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකාර පුද්ගලයා සතුව තිබී රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 10,800 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.