සත්‍යයේ පුවත් අඩහැරය….

ලබාදුන් පොරොන්දු ඉටු නොකර, රට ආපස්සට ගෙනයෑමේ උත්සහයක ආණ්ඩුව නිරතව සිටිනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී.අලවතුවල

Podu Jana Peramunaබලයට පත්වන විට ජනතාවට ලබාදෙන ලද පොරොන්දු කිසිවක් ඉටුකිරීමට මෙතෙක් කටයුතු කර නොමැති වත්මන් ආණ්ඩුව, 2015 ට පෙර පැවති තත්ත්වයට රට පත්කිරීමට උත්සහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. ඊයේ (16) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී.අලවතුවල මහතා විසිනි. ඒ මහතා මෙහිදී පහත පරිදි තවදුරටත් අදහස් දක්වන ලදී. වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට පවසා සිටියා මහබැංකු මුල්‍ය වංචාව ගැන නිසි විමර්ශනයක් කරනවා කියලා. නමුත් ආණ්ඩුව පත්වෙලා ගත්වූ කාලය තුළ එවැන්නක් කරන බවක් හෝ පේන්න නෑ. මහබැංකු මුල්‍ය වංචාව ගැන කෝප් කමිටුව විසින් විශාල මුදලක් වැය කර සකස් කරන ලද වාර්තාව පවා අද වනවිට වසන් කරන තත්ත්වයට පත්වෙලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයනුත් වත්මන් ආණ්ඩුවේ පිරිස් විවිධ චෝදනා එල්ල කළා පැවති ආණ්ඩුවට. ඒ චෝදනා ගැන වත්මන් ආණ්ඩුව මෙතෙක් නිහඬයි. මේ කරන්නේ 2015 ට පෙර පැවති තත්ත්වයට රට පත්කරමින් සිටිනවා ආණ්ඩුව. තනතුරු වලට පත්කරන්නේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව ඥාතීන් සහ හිතවතුන් පමණයි. රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජගත කරමින් රටේ පවතින සැබෑ ගැටළු අමතක කරවීමේ වැඩපිළිවෙලක් දියත් කරමින් සිටිනවා. ආණ්ඩුවට කිසිදු ලැජ්ජාවක් නෑ කියලා පේනවා. රන්ජන් රාමනායක මහතාගේ මේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලක් නොවෙයි. පක්ෂත් ඒක අනුමත කරන්නේ නෑ. ඒක මන්ත්‍රිවරයාගේ පුද්ගලික වැඩපිළිවෙලක් නිසා පක්ෂයට මඩ ප්‍රහාර එල්ලකරන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රටේ සැබෑ ප්‍රශ්න අමතක කරවන මෙම උපාය තරයේ හෙළා දකිනවා. මේක ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ? ජනතාව දැන් ඉන්නේ දැඩි පීඩාවකින්. සහන කප්පාදු කරලා දැන්. කොළඹ ෂැංග්‍රිලා හෝටලය ආශ්‍රිත ඉඩමක් සහ තවත් ඉඩමක් විදේශීකයන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. මේ පිළිබඳ නිසි ලෙස අවධානය යොමුකරමින් ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුසිතා විජේමාන්න මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී. අපේ ආණ්ඩුව ඉන්ධන මිල අඩු කරන්න කටයුතු කළා. විවිධ සහන රාශියක් ලබාදුන්නා. නමුත් අද එම සහන සියල්ල කප්පාදු කරලා මේ ආණ්ඩුව. ඉදිරියේදී තව තවත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වැඩිකරාවි. රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද සේවකයින් රැසක් අද දොට්ට දාලා. මේක දේශපාලන පළිගැනීමක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට