සත්‍යයේ පුවත් අඩහැරය….

සූරියවැව ක්‍රීඩාංගණයේ තරඟය අතරතුර ප්‍රහාරයක් එල්ලවීම හෙළාදකිනවා, වහාම පරීක්ෂණයක් පවත්වන්න – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaඊයේ (26) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයක් එල්ලකිරීම අනුමත නොකරන බවත් එම ප්‍රහාරය හෙලාදකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. වසර කිහිපයක පසු සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වන ලද ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ඊයේ (26) පැවති අතර එහිදී ක්‍රීඩාංගණ පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී යම් ප්‍රහාරයක් එල්ලවී තිබුණි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ මෙම ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කර වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝගයක් කළ බවයි. මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට