සත්‍යයේ පුවත් අඩහැරය….

අණ නොතැකු මෝටර් රථයකට පොලී‍සියෙන් වෙඩි ..

Podu Jana Peramunaඑ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ. මෙම මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති අතර, එගොඩඋයන පරණ පාරේ මාර්ග බාධකයේ දී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටිය ද එම රථය නොනවත්වා ධාවනය කර ඇත. ඒ බව මෝදර අළුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර ඇති අතර එම මාර්ග බාධකයේ දී මෙම රථය නැවැත්වීමට සංඥා කල ද එම අවස්ථාවේ දී ද කාර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත. අළුත් පාලමට ‍අනෙක් පැත්තෙන් ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන් ද මෙම රථය නැවැත්වීමට සංඥා කර ඇති නමුත් රථය නොනවත්වා ධාවනය වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී එම කාර් රථය පානදුර රෝහල අසල නවතා තිබිය දී සොයා ගෙන ඇති අතර, වෙඩි තැබීම හේතුවේන කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබුවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු  සිදු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට