සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින කිහිපය රටට තීරණාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ..

Podu Jana Peramunaගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා හැකි ඉක්මනින් කොරොනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කි‍්‍රයාවලිය කඩිනම් කළ යුතු බව එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප‍්‍රකාශ කරයි. ඒ අනුව සැක සහිත රෝගීන් කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව ද මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය සංගමය මීට පෙර සිදුකළ පුරෝකථනයන් මේ වනවිට සත්‍ය තත්ත්වය පත්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. එම සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්ගර පෙන්වා දුන්නේ මාර්තු 24 වැනිදා වසංගතයක කොටස් 04 ක් ගැන සිය සංගමය සමාජ ගත කිරීමක් කළ බව වන අතර අද වන විට එය යථාර්තයක් බවට පත්වෙමින් පවතින නිසා සියළුම පුරවැසියන් මෙම වෛරසයේ අවධානම තේරැම්ගෙන සිය යුතුකම ඉටුකිරිමට පියවර ගතයුතු බව එම සංගමය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට