ලෝක කම්කරු දිනය අදයි, කොවිඩ් නිසා ලොවපුර මැයි දින සැමරුම් අවලංගුයි..
ලෝක කම්කරු දිනය අද (01) යි. වෙනත් වසරවලදී ලෝක කම්කරු දිනය සමරමින් ලොවපුරා රටවල් මැයි දින පෙළපාලි, රැළි ඇතුළු සැමරුම් උත්සව සංවිධානය කළ ද කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය නිසා මෙවර එම කටයුතු සියල්ල අවලංගු කිරීමට තීරණය කර ඇත.සිය සේවා වැඩ මුරය පැය 08 කට සීමා කරන්නැයි ඉල්ලමින් 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයේදී දියත් කරන ලද විරෝධතාවයකදී පොලීසිය විසින් වෙඩිතැබීම නිසා කම්කරුවන් කණ්ඩායමක් මියයාමේ මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුකරනු ලබයි.