අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (01) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසක වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වල මෙන්ම වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල පස්වරුවේ සහ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.