සත්‍යයේ පුවත් අඩහැරය….

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27 වන ගුණානුස්මරණය, සජිත්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක්..

Podu Jana Peramunaඅදට (01) යෙදී තිබූ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27 වන ගුණානුස්මරණය වෙනුවෙන් සමඟි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ පිහිටි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව ජනසුවය සමාජ සත්කාර වැඩසටහනේ 3 වන අදියර ලෙස, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවිලයන යන්ත්‍ර දෙකක් මාලිගාවත්ත වකුගඩු රෝහලට පරිත්‍යාග කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා විසින් කටයුතු කරන ලදී. මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/= (විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/=(හතලිස් පන්ලක්ෂ පනස්දහසක්) විය. මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60 ක් ඉක්මවූ රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට