සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් රජයට ආර්ථිකය කළමණාකරනය කිරීමට විචක්‍ෂණ වැඩපිළිවෙලක් නෑ – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaබන්දුල ගුණවර්ධන මහතා  නිල ප්‍රවෘත්ති ප්‍රකාශකයා වශයෙන් කටයුතු කරමින් වත්මන් රජයට ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා විචක්ෂණ වැඩපිළිවෙලක් පවතින බවට සඳහන් කර ඇති බවත් ඒ අනුව සැලසුම් සහගත තත්ත්වයක් පවතින බවක් ඒ මහතා විසින් සඳහන් කර ඇති නමුත් එවැනි තත්ත්වයක් රට තුළ පවතින ආර්ථික අවපාතය තුළින් දක්නට නොලැබෙන බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (17) කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය සංවිධානයේ මාධය හමුවකට එක්වෙමින්ය. අපනයන ආදායමක් නොමැති තත්වයක් තුළ ඩොලර් බිලියන 05 ක මුදල ගෙවීමට කටයුතු කරනු ලබන්නේ කෙසේද යන ගැටළුව මතුවන අතර එම මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ලෝකය හමුවේ ණය සඳහා පොලු තියන රටක් බවට පත්වන බවත් ඒ තුළින් නැවත විදේශ ණය ලබාදීමට එම රටවල් කටයුතු නොකරන තත්ත්වයකට පත්වන අතර ඒ තුලින් රට තුළ ණය සම්බන්ධව ද දැඩි අර්බුදයක් ඇතිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. රට වසාදැමිමේ රොමෑන්ටික් වැඩපිළිවෙල නිසා බලධාරින් නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධව අවධානය යොමුකර කටයුතු කිරීමක් සිදු නොකළ අතර ඒ තුළින් සැපයුම් ක්‍රියාවලිය බිඳ වැටිමකට ලක් වු බවත් තොග වෙළඳාම නිසිලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ හැකියාවක් රජයට තිබුණත් එය සිදු නොකිරිම නිසා ගොවි ජනතාවට ප්‍රබල අර්බුදයකට මුහුණදීමට සිදු වු බැවින් තවදුරටත් ගොවි ජනතාව එම තත්ත්වයට පත්නොකර කටයුතු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය විසින් දියත් කළ යුතු බවට හෙතම පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට