සත්‍යයේ පුවත් අඩහැරය….

IOC පෙට්‍රල් මිල ඉහළ දැමීම ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිදු කළ කුමන්ත්‍රණයක්, අමානුෂික ක්‍රියාවලින් බැහැරව ජනතාවට සහන දෙන්න – සජිත් ප්‍රේමදාස.

Podu Jana Peramunaඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවීමට මෙරට ඉන්දියන් තෙල් සමාගම විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විිසින් අද (18) මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.එහිදි අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ LIOC හෙවත් ඉන්දියන් තෙල් සමාගම මෙම මිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ ආණ්ඩුවේ සහ විෂයභාර ඇමතිවරයාගේ ආශිර්වාදය ඇතිව බවයි. ආණ්ඩුව ඉහත සමාගම සමග කුමන්ත්‍රණයක යෙදෙමින් මෙම කටයුතු සිදුකර ඇති බවත් ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල පහළ අගයක පවතින කාල වකවානුවක් තුළ මෙලෙස තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් ඇත්දැයි විමසන බවත් සජිත් ප්‍රේමදාස මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. එමෙන්ම ශක්තිමත් ආර්ථිකයක් සහ සංවර්ධනයක් උදා කරන බව සඳහන් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම මෙයදැයි විමසන ප්‍රේමදාස මහතා තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට කඩිනමින් ලබාදෙන ලෙසත් එසේ නොකළහොත් මෙම කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලට විරුද්ධව ජනතාව සමග එක්ව වීදී බැස සටන් කරන බවද අවධාරණය කර ඇත.

තවද මේ වන විට රුපියල් කෝටි 748 ක් වැය කර  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව විසින් සැලසුම්  කරමින් සිටින බව අවධාරණය කරන සජිත් ප්‍රේමදාස මහතා, මෙම අවස්ථාවේ අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් බැහැරව ඒ වෙනුවට අසරණ පවුල් සඳහා රුපියල්  20000ක් ලබාදීම, මහල් නිවාස ඉදිකර කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නැති පවුල්වලට නිවාස ඉදිකිරීම වැනි ප්‍රමුඛතාවයෙන් යුත් කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට