සත්‍යයේ පුවත් අඩහැරය….

කෘෂිකර්මාන්තය නැංවීමට සමඟි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්..

Podu Jana Peramunaමෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කොට විද්‍යානුකූල ක්‍රමවේද යටතේ කෘෂිකර්මාන්තය නැංවීම සඳහා සමඟි ජන බලවේගය විසින් එම කාර්යාලයේදී ඊයේ (29) විශේෂ කමිටුවක් පිහිටුවීම සිදුකරන ලදී. මෙහිදී සිය අදහස් පළකරන ලද සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. කොළඹ කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික සැලසුම් වෙනුවට ගොවිජනතාව කේන්ද්‍රගතකරගත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් පිළිබදව අවධානය යොමුකරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය “රට හදන අමාත්‍යාංශය” බවට පත් කළයුතු බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසන ලදී. මෙම අවස්ථාවට සහභාගිවූ සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ගොවියා කේන්ද්‍රගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුව ඇති බවයි. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන පී.හැරිසන්, එරාන් වික්‍රමරත්න, වසන්ත අලුවිහාරේ, ඉන්දික බණ්ඩාරනායක ඇතුලු පිරිසක් ද කෘෂිකර්මය සම්බන්ධ විද්වතුන් සහ වෘත්තිකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට