කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්..
අද (04) සිට ලබන 07 වනදා තෙක් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ මහ නගර සභා සීමාවේ සියළු ස්ථාන පරික්ෂාවට ලක්කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.