සත්‍යයේ පුවත් අඩහැරය….

අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස්කරලා, ජාත්‍යන්තර පොලීසිය දැනුම් දුන්නැයි නීතිපතිවරයා අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaමහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව අද (16) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලද අතර මෙහි පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමන්ගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර්“ ලෙස වෙනස් කර ගෙන ඇති බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා මෙහිදී අධිකරණය වෙත දැනුම් දී ඇත. මෙම තත්ත්වය හමුවේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට ආරම්භ කර ඇති උදර්පණ නීති ක්‍රියාදාමය, යම් සංශෝධනයකට ලක්කළ යුතුදැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බවත් එවැනි සංශෝධනයක් අනවශ්‍ය යැයි සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් රණසිංහ මහතා මෙහිදී අනාවරණය කර ඇත. මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නඩුව නැවත නොවැම්බර් මස 17 දා කැඳවන ලෙස නියම කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට