සත්‍යයේ පුවත් අඩහැරය….

කරුණා අම්මාන්ට ‍මෙවරත් ජාතික ලැයිස්තුවෙන් එන්නැයි අග්‍රාමාත්‍යවරයා ඇරයුම් කරලා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaමහින්ද රාජපක්‍ෂ මහතා කරුණා අම්මාන්ට දෙවරක් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරය ලබාදීමට කටයුතු කළ ආකාරයට මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් සිදු කළද එය කරුණා අම්මාන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව ඊයේ (20) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමඟි ජන බලවේගය අවධාරණය කර ඇත. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක මහතා අවධාරණය කළේ කරුණා අම්මාන්  බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇති බවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය අදහස් පළකරමින් කොරෝනා වලට වඩා තමා භයානක බවත් එක රැයකදී අලිමංකඩ හමුදා නිලධාරීන් 2000 ක් 3000 ක් පමණ මරාදැමීමට කටයුතු කළ බවට සදහන් කර ඇති බවත්ය. එසේ ඝාතකයකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් උදා කර දීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් කටයුතු කරනු ලබන්නේ කුමන හේතුවක් නිසාද යන්න එම මාධ්‍ය හමුවේදී නිරෝෂන් පාදුක්ක මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇත.

මෙම මාධ්‍ය හමුව සදහා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්‍ෂක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතාද සහභාගී වී ඇති අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කරුණා අම්මාන් ඊයේ සිදුකර ඇති ප්‍රකාශයක් නිසා මුළු රටම විමතියට පත්ව ඇති බවත් මෙම ප්‍රකාශය තුළින්ම කරුණා අම්මාන් යනු කවුරුන් ද යන්න අවබෝධකර ගත හැකි බවත් තමන් අලිමංකඩ, කිලිනොච්චිය වැනි ප්‍රදේශවල විශාල පිරිසක් ඝාතනය කළේයැයි එතුමා විසින්ම පවසා ඇති බවට නිශාන්ත මහතා විසින් අවධාරණය කරන ලදි.

රණවිරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට නියෝග ලබාදුන් මෙම යුධ අපරාධකරුවාට මහින්ද රාජපක්‍ෂ මහතා දෙවරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව දුන් අතර මෙවර ද අග්‍රාමාත්‍යවරයා විසින් මැතිවරණයට තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන්නැයි තමන්ට කළ ආරාධනය ප්‍රතික්‍ෂේප කර මැතිවරණයට ඉදිරිපත්වී ජයගෙන අග්‍රාමාත්‍යවරයා අසළට පැමිණෙන බව ද කරුණා අම්මාන් මහතා සදහන් කර ඇති බව ඒ මහතා සදහන් කලේය.

රට තුළ ගැටළු රාශියක් පවතින පරිසරයක් තුළ නව ක්‍රීඩාංගණයන් ඉදිකිරීමට විරෝධතාවය දැක්වීම හේතුවක් කරගනිමින් මෙලෙස ක්‍රීඩකයින්ට චෝදනා කිරීම දැඩි ලෙස හෙළාදකින බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙම චිත්‍ර කථාව සහ නාටකය පිළිබඳව සත්‍ය තත්ත්වය රටට හෙළිකිරීම පිළිබඳව වගකීමක් ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද පවතින බවත් මේ වනවිට රටේ භාණ්ඩ මිල ද ඉහළ ගොස් ඇති අතර බිත්තර මිල රුපියල් 22 දක්වා ඉහළ ගොස් සැමන්, පරිප්පු වැනි භාණ්ඩ මිල ද ඉහළ ගොස් ආණ්ඩුවේ නොහැකියාව වසාගැනීම සඳහා ආණ්ඩුව විසින්ම යම් යම් සිද්ධීන් සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට