පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළෙක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන..
නාරාහේන්පිට, පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරට අනුයුක්ත හමුදා සෙබළෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. 22 හැවිරිදි මෙම හමුදා සෙබළා ඊයේ (24) රාත්‍රියේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව විසින් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.