හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් හිදී දැලේ..
හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (05) රාත්‍රි කාලයේ දී ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය අසලදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති 25 හැවිරිදි මෙම කාන්තාව කොළඹ 14, ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී රුපියල් 50,000 ක මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අද (06) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.