සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්ද සළකුණු කිරීම අද සිට..

Podu Jana Peramunaමෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (13) සිට ආරම්භ වේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි කාර්යය මණ්ඩල සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදුවනු ඇත.

ඒ අනුව අද උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දි තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකෙරෙනු ඇත. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව මෙම කටයුතු සිදුකළ යුතුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළදීත් ත්‍රිවිධ හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 16 සහ 17 යන දෙදින තුළදිත් සිදු කෙරෙනු ඇත. මෙම දිනයන් තුළ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය භාවිතා කිරීමට නොහැකි තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනයන් තුළ එම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී සිය ඡන්දය භාවිතා කිරීමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට