කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2844 ක් තෙක් ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2844 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (09) දිනයේ දී නව ආසාදිතයින් තිදෙනෙකු හමුවී ඇත. එම ආසාදිතයින්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් වේ. අසාදිතයින් 2579 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 254 ක් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.