සත්‍යයේ පුවත් අඩහැරය….

විවිධ හේතු ඉදිරිපත් කර දුන් පොරොන්දු ඉටනොකර සිටීමට ආණ්ඩුවට දැන් කිසිදු හැකියාවක් නෑ – හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaජනතා විශ්වාසය අනුව විශාල බලයක් ලද බැවින් ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉටුකළයුතුව ඇති බව ආණ්ඩුවට අවධාරණය කරන බවත් ලස ජයග්‍රහණය අනුව විවිධ හේතු දක්වමින් එම පොරොන්දු ඉටුකිරීමෙන් වැළකී සිටීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් සමගි ජන බලවේගය පවසා සිටියි. අද (10) කොළඹ සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් දක්වා සිටියේය.

මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සුභ පතනවා. මේ වනවිට ආණ්ඩුවට විශාල බලයක් ලැබී තිබෙනවා. එම වරම අනුව ආණ්ඩුව කෙසේ හැසිරෙනු ඇත්දැයි පිළිබඳ අප විමසිලිමත් වෙනවා.

රටට සුදුසු දේ වෙනුවෙන් සහාය දීමටත් නුසුදුසු දේට එරෙහිවෙමින් නියම විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලද ජයග්‍රහණයත් සමඟ ජනතාවට ලබාදී ඇති පොරොන්දු වහාම ඉටුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. විශාල අර්බුද රැසක් හමුවේ සමගි ජන බලවේගය කටයුතු කළා. ජනතාව බුද්ධිමත් බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනීයනවා.

2015 දී බලයට පත්වූ ආණ්ඩුවේ වැරදි රැසක් තිබුනා. ජනතාව එහිදී අවශ්‍ය තීරණ ගත්තා. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු සිටින වත්මන් ආණ්ඩුවට අවශ්‍ය බලය පවතිනවා. ඒ නිසා කිසිවෙකුට චෝදනා කිරීමට ඔවුන්ට දැන් බෑ.

ලබන 26 වනදායින් පසු රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී එක් පවුලක් තුළට එම ආයතන කෙතරම් ප්‍රමාණයක් අයත්වනු ඇද්දැයි මෙන්ම එම ප්‍රමාණය 50% කට වඩා වැඩිවනු ඇද්දැයි ද යන්න සම්බන්ධයෙන් අනාවැකි පැවසිය හැකියි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ කුමන පුද්ගලයා පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහාදැයි යන අනාවැකියත් අපට පැවසිය හැකියි. ආණ්ඩුව බලයට පත්කළ ජනතාවට කිසිදු චෝදනාවක් එල්ල කරන්නේ නෑ අපි. ජනතාව මෙම මැතිවරණයේදී අමුතු අමුතු තීරණ ගෙන තිබුනා. සමගි ජන බලවේගය සඳහා නව ගමනක ආරම්භයක් ලැබී තිබෙනවා. එය විශාල ජයග්‍රහණයක්.

තනි විපක්ෂයක් පිහිටුවීම තමයි අපගේ අවශ්‍යතාවය වුනේ. ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකරවා ගැනීමේ සටන සඳහා එක්වන්නැයි රටේ ප්‍රගතිශීලි ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂය යනු අපගේ උරුමය වුවත් සමගි ජන බලවේගය පිහිටුවීම සඳහා අවශ්‍ය අවසරය ලබාදී පසුව කකුලෙන් ඇදීම නිසා විකල්පයක් කරා ගමන්කිරීමට අපට සිදුවුනා. ඒකාධිපති රාජ්‍ය මෙන්ම ඒකාධිපති නායකයෙකු යන තත්ත්වයක් දෙකටම අප මුහුණදුන්නා. ඒකාධිපති රාජ්‍යයට නම් ජනතාව යළි බලය ලබාදුන්නා. නමුත් ඒකාධිපති නායකයාට එවැනි අවස්ථාවක් ලබාදීලා නෑ මෙරට ජනතාව.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරි ගමනක් සම්බන්ධයෙන් අප මෙතෙක් ලිඛිතව හෝ නිල වශයෙන් සාකච්ඡා කරලා ණෑ. ලද ප්‍රතිඵලය අනුව එසේ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයකුත් නෑ. මෙරට දැවැන්තම පක්ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂය මෙවැනි තත්ත්වයකට ඇදනොවැටිය යුතුයි. නමුත් ජනතාව එම පිරිසට නිසි පණිවිඩයක් ලබාදී තිබෙනවා. 2% ක ඡන්ද පදනමක් තබාගෙන ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම විහිළු සහගත තත්ත්වයක්.

ජනතාව ලබාදුන් තීරණය පිළිගෙන එක්සත් ජාතික පක්‍ෂය දැන් හෝ අවශ්‍ය තීරණ ගනු ඇතැයි බලාපොරොත්තු වනවා. අප ඉදිරියටත් කටයුතු කරන්නේ සමගි ජන බලවේගය යන නමින්. ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි ජයග්‍රහණයක් ලැබීම පිළිබඳ සතුටු වුවත් එක්සත් ජාතික පක්ෂය පරාජය කළේ යැයි යන කාලකණ්නි සතුට අප තුළ නෑ. මෙම තත්ත්වය මත හෝ එක්සත් ජාතික පක්ෂය අප සමඟ එක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඒ සඳහා වන අගනාම අවස්ථාව මේ වනවිට උදාවී තිබෙනවා. එසේ වුවත් දැඩි තීන්දු තීරණ මත කටයුතු කරමින් සිය හෙංචයියන්ට පක්‍ෂ නායකත්වය ලබාදීමට උත්සාහ කරන්නේ නම් ජනතාව එක්සත් ජාතික පක්ෂයට කෙසේ සලකනු ඇද්දැයි යන ගැටළුව මතුවනවා. මෙරට දැවැන්තම බලවේගය බවට සමගි ජන බලවේගය පත්කිරීමේ පළමු ආරම්භය මේ වනවිට දියත්කරලා තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට