සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිලධාරීන් 17 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වෙයි ..

Podu පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනෙකු  සිටින බව වාර්තා වේ.  පොලිස් නිලධාරින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් තවත් පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සිටින නිලධාරින් ද එම කඳවුරුවලම නිරෝධායනය සඳහා යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට