සති දෙකක් නිල නිවාසවල රැඳි සිටින්නැයි කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට උපදෙස්..
කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවල සේවයේ නියුතු නිලධාරීන්ට සති දෙකක කාලයක් තම තමන්ගේ නිල නිවාසවල රැඳි සිටින්නැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතාව කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු වාර්තා වී තිබේ. බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.