සත්‍යයේ පුවත් අඩහැරය….

රට තුළ උද්ගතව ඇත ගැටළු සඳහා විසඳුම් දියයුත්තේ වැඩි බලතල හිමිව තිබෙන ජනාධිපතිවරයාමයි – සමගි ජන බලවේගය

Podu මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකිව තිබූ මාකඳුරේ මදූෂ් නැමැති සැකකරු ඝාතනයවූ ආකාරය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බවත් එම ඝාතනය තුළින් රටට හෙළිවීමට නියමිතව තිබූ තොරතුරු රැසක් සැඟව ගිය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකළ එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පහත අදහස් පළකරන ලදී.

සාමාන්‍යයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක සාක්‍ෂි ලබාදීම නීතිඥවරුන්, මාධ්‍යවේදීන් ඉදිරියේ සිදුවුවත් ප්‍රාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පසුගිය දිනෙක පැමිණි එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරාන් හෂිම්ගේ බිරිඳ නීතීඥවරුන් හෝ වෙනත් කිසිවෙකු නොමැතිව එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පමණක් හමුවේ සාක්ෂි ලබාදී ඇති බව කළම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ සඳහන්ව තිබුනා. ඒ අනුව ඉහත තැනැත්තිය ලබාදී ඇති සාක්ෂි මොනවාදැයි කිසිවෙකුට දැනගැනීමට නොහැකි වනවා. එමඟින් මෙම ප්‍රහාරයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් රටට හෙළිවන්නේ නෑ. පාස්කු ප්‍රහාරයට සහාය දුන් පිරිසට දඬුවම් ලබාදිය යුතු වුවත් ඉහත ආකාරයේ සිදුවීම් හරහා එවැන්නක් සිදුකිරීමට නොහැකි වේවි. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසට අධිකරණය හරහා උපරිම දඬුවම් ලබාදිය යුතු වන බැවින් එම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළයුතුයි.

මේ වනවිට අත්අඩංගුවේ පසුවන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේයැයි ජනතා නීතීඥ සංවිධානයේ නීතීඥවරයෙකු විසින් පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබුනා. නමුත් මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් අග්‍රාමාත්‍යවරයාත් අදාළ වංචාවට සම්බන්ධ යැයි පෙන්වාදීමට උත්සාහ කළා. වත්මන් අග්‍රාමාත්‍යවරයා පවා ශානි අබේසේකර මහතාට යම් යම් විමර්ශන භාරදී තිබෙනවා. ඒ අනුව ඒ මහතා කිසිදු පක්ෂ භේදයකින් තොරව කටයුතු කර ඇති බව ගම්‍ය වනවා. මෙවැනි පිරිස් ආරක්‍ෂා නොකළහොත් සත්‍ය තොරතුරු රටට හෙළිනොවේවි.

හැමදාම ජනාධිපති කොමිෂන් සභා පත්කළත් මෙමඟින් වැඩි වශයෙන් සිදුවන්නේ දේශපාලන පළිගැනීම් පමණයි. එක රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක කළයුතු යැයි ආණ්ඩුව පැවසුවත් මේ වනවිට එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන බව පේනවා. ඒ නිසයි නීතිය ඉදිරියට නොයා කොමිෂන් සභා පත්කිරීමට බලධාරින් කටයුතු කරමින් සිටින්නේ. පැවති යහපාලන ආණ්ඩුව සමයේදීත් ජනාධිපති කොමිෂන් සභා පත්කළා. කුමන ජනාධිපතිවරයා විසින් කුමන කොමිෂන් සභාවක් පත්කළත් ප්‍රතිඵලය සමානයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වැඩි බලයක් හිමිව තිබෙන බැවින් මෙවැනි ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාදිය යුත්තේ වත්මන් ජනාධිපතිවරයා විසින්මයි. විනිසුරුවන් පත්කිරීමේ බලයත් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. මන්ත්‍රි දීමනා ඉහළ දැමිය යුතුයැයි විපක්‍ෂය විසින් ඉල්ලීමක් කර ඇතැයි පළවූ පුවත වැරදි සහගතයි.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ද සහභාගිවී අදහස් පළකර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට